දම්සෝ දෙව්නද ක්‍රිකට් ඉතිහාසයට නව වාර්තා රැසක් එක් කරමින් 57 වැනි සුනිල මහා සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ඊයේ(21) සහ පෙරේදා(22) දින අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ දි,57වැනි වතාවටත්  පැවැති  ධර්මාශෝක විද්‍යාලයත් දේවානන්ද විද්‍යාලයත් අතර මහා ක්‍රිකට් තරඟය මෙවර ද ජය පැරදුමෙන් තොරව අවසන් විය.

තරඟයේ කාසිය වාසිය  දිනාගත් ධර්මාශෝක විද්‍යාලයේ නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් දේවානන්ද විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 205ක් ලබාගත් අතර,එහිදී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් නිශිත් තේජව ලකුණු 75ක් ලබා ගත්තේය.පන්දු යැවීමෙන් ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් රෙශිත ද සිල්වා කඩුලු 03ක් ලබාගත්තේය.

පිළිතුරු  පලමු ඉනිම ඇරඹූ ධර්මාශෝක විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 336 ක් ලබාගත් අවස්ථාවේදී සිය ඉනිම අත්හිටුවන ලදී.එහිදී ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් චන්දූප කවිශ ලකුණු 205ක් ලබා ගත් අතර ඔහුට අනගි සහයක් දැක්වූ ඔමේග කරුණාරත්න ලකුණු 69ක් ලබා ගත්තේය.පන්දු යැවීමෙන් දෙවනන්ද විද්‍යාලයය වෙනුවෙන් සවිනු ගිහන්සිත් සහ සෙනුල වින්සර කඩුලු 02 බැගින් දවා ගත්තේය.

තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දේවානන්ද විද්‍යාලය කඩුලු 06ක් දැවී ලකුණු 226ක් ලබාගෙන සිටියහ.එහිදී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් නිශිත් තේජව ලකුණු 91ක්  ලබාගත් අතර පන්දු යැවීමෙන් ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් කවිෂ සඳරුවන් කඩුලු 03ක් දවා ගත්තේය.

57 වෙනි සුනිල සංග්‍රාමය මෙසේ ජය පරාජයෙන් තොරව අවසන් වුවද,දම්සෝ දෙව්නද ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන වාර්තා රැසක් අලුතෙන් ලියවන්නට සමත් විය.

  • . ක්‍රීඩකයකු විසින් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණයේ වාර්තාව චන්දුප කවිශ නමට ලියවීය.(205)
  • .සුනෙල මහා සංග්‍රාම ඉතිහාසයේ වාර්තා වූ ප්‍රථම ද්විත්ව ශතකය - කවිෂ චන්දූප
  • .පිතිකරුවන් දෙදෙනෙකු විසින් ඕනෑම කඩුල්ලක් සඳහා පවත්වන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව - චන්දූප කවීෂ සහ ඔමේග කරුණාරත්න අතර (156)
  • .සුනෙල සංග්‍රාම ඉතිහාසයේ එක ඉනිමකදී වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණය -( ධර්මාශෝක විද්‍යාලය 336)
  • .විද්‍යාල දෙකෙහි ක්‍රීඩකයින් ලකුණු 700 සීමාව පසු කළ ප්‍රථම අවස්ථාව(761)


2026-03-22

   Back

Forgot Your Password?